Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
පන්නිපිටියේ කඩු ෙසල්ලම්
[2023-11-20 21:02:25] Views:[10]
පන්නිපිටිය ප්රදේශයේ පොත් අලෙවිසැලකදී තියුණු ආයුධයකින් කළ පහරදීමක් හේතුවෙන් එහි හිමිකරු සහ තවත් අයෙකු තුවාල ලබා තිබේ. ප්රහාරයෙන් තුවාල ලැබූ ඔවුන් ප්රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
පන්නිපිටිය මාඹුල්ගොඩ ප්රදේශයේ පවත්වාගෙන යන මෙම පොත් අලෙවිසැල වෙත පැමිණි පුද්ගලයෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බව අනාවරණය වී ඇත.
සැකකරු වෙළෙඳසැලේ හිමිකරු වෙත මෙම පහරදීම සිදුකරන අවස්ථාවේ සිද්ධිය සමථයකට පත්කිරීම සඳහා එහි පැමිණි අසල්වැසියෙකුද බරපතළ තුවාල ලබා තිබේ.
ප්රහාරයෙන් ඔහුගේ ගෙල ප්රදේශයට බරපතළ සිදුව ඇති බවට වාර්තාවෙයි.