Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
තෙළිඟු නිළි රේඛා බෝජ්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය
[2023-11-18 17:26:33] Views:[14]
හෙට (19) පැවැත්වීමට නියමිත 2023 ICC ලෝක කුසලානය සම්බන්ධයෙන් ඉන්දීය ප්‍රසිද්ධ තෙළිඟු නිළියක් වන රේඛා බෝජ් විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.
ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් පවසා ඇත්තේ "ඉන්දියාව ලෝක කුසලානය දිනුවොත්, මම විශාකාපට්නම් වෙරළ තීරයේ නිරුවතින් දිව යනවා" යනුවෙනි. සමාජ මාධ්‍ය කලඹවමින් මෙම ප්‍රකාශය ඉන්දියාව පුරා දැඩි මතභේදයට ලක්ව ඇත.
ඉන්දීය විචාරකයින් පවසා ඇත්තේ ඇය මෙම ප්‍රකාශය කර ඇත්තේ ප්‍රසිද්ධිය උදෙසා බවය. කෙසේ වෙතත් ඇය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, තමන් එම ප්‍රකාශය සිදුකළේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ආදරය දැක්වීම සඳහා බවය.
2023 ICC ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලිය හෙට (19) අහමදාබාද්හි දී නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඒ සඳහා ඉන්දියානු කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරග වැදීමට නියමිතය.