Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
සර්කස් 'කිම්බා'රෝමය කලඹයි
[2023-11-13 10:53:28] Views:[20]
රෝමයේ නගරයක් තුළ සිංහයෙක් නිදැල්ලේ සැරි සැරීමත් සමඟ එහි ජනතාව කලබලයට හා බියට පත් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ. පසුගිය සෙනසුරාදා රාත්‍රියේ බටහිර රෝමයේ ලැඩිස්පොලි නගරයේ මෙම සිංහයා සැරිසරා ඇති අතර, ඇතැම් පිරිස් එය පටිගතකර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.
මෙම සිංහයා සර්කස් කණ්ඩායමකට අයිති 'කිම්බා' නම් සිංහයා බව පසුව හඳුනාගෙන ඇත. පැය පහකට අධික කාලයක් සිංහයාව අල්ලා ගැනීමට ගත වී ඇති අතර, පසුව සිංහයාව නැවතත් භාරකරු වෙත ලබා දී ඇත.
සිංහයාගේ භාරකරු පවසා ඇත්තේ, පැය කිහිපයක් නිදැල්ලේ සිටියත් සත්ත්වයාගෙන් කිසිදු හානියක් සිදුවී නොමැති අතර, සිංහයා කූඩුවෙන් එළියට පැමිණියේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවය.