Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
ක්රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි
[2023-11-10 09:07:37] Views:[27]
2023 ලෝක කුසලාන එක්දින තරගාවලියෙන් ඉවතලුණු ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද (10) අලුයම 05.05 ට දිවයිනට පැමිණ ඇත. ඒ, ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්රී ලංකා ගුවන් සේවයේ යූ.එල්. - 174 දරන ගුවන් යානයෙන්.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරීන් කිහිප දෙනෙකු හා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයින්, පුහුණුකරුවන් ඇතුළු නිලධාරීන් සියලුම දෙනා ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ තිබුණි. කටුනායක ගුවන්තොටුපොළ පරිශ්රයෙන් ඔවුන්ට පිටව යාම සඳහා පොදු බස් රථයක් සූදානම් කර තිබුණ ද බොහෝ ක්රීඩකයින් තම පෞද්ගලික මෝටර්රථවලින් සිය නිවෙස් බලා පිටත්ව ගිය අතර මොවුන් වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපොළ සහ ඒ අවට වැඩි ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා තිබුණි.
ඒ අතර ක්රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්රමෝද්යය වික්රමසිංහ මහතා පවසා සිටියේ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස එක්තරා කණ්ඩායමක් සිටි බවත්, ඔවුන්ගේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙල නිසා මෙම ඛේදනීය පරාජය අත්වූ බවත්ය.