Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
රොබෝවරයකුගේ පහර දීමකින් පුද්ගලයකු මරුට..!
[2023-11-09 11:04:57] Views:[22]
දකුණු කොරියාවේ සමාගම් සේවකයකු රොබෝ යන්ත්රයක පහර දීමකින් ජීවිතක්ෂයට පත් ඇත.රොබෝවරයා ආහාර අසුරා තිබූ පෙට්ටි කිහිපයක් නිවැරැදි ව හඳුනා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන මෙම පුද්ගලයාට පහර දී ඇත. මෙම පුද්ගලයා, රොබෝ යන්ත්රය පරීක්ෂා කරමින් සිටිය දී මෙම සිද්ධිය සිදු ව අති අතර මොහු 40 හැවිරිදි වියේ පසු වූ අයෙකි.
දකුණු කොරියානු ප්රවෘත්ති ඒජන්සිය වන යොන්හැප් වාර්තා කර ඇත්තේ, රොබෝ යන්ත්රය විසින් පුද්ගලයා ව අල්ලාගෙන ඔහු ගේ මුහුණ සහ පපුව කුඩු කර දමා ඇති බවයි. තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර ඇතත් පසු ව ඔහු මරණයට පත් වී තිබේ. රොබෝ යන්ත්රයට නියමිත රාජකාරිය වී ඇත්තේ, ගම්මිරිස් පෙට්ටි ඔසවා ඒවා පැලට් මතට මාරු කිරීමයි.
නොවැම්බර් 08 වැනිදා දකුණු ග්යොංසාං පළාතේ ගම්මිරිස් වර්ග කිරීමේ කම්හලකට යෙදවීම සඳහා රොබෝවරයා පරීක්ෂා කිරීම මිය ගිය සේවකයා විසින් සිදු කරනු ලැබුව තිබේ. පොලීසිය වාර්තා කරන්නේ, පරීක්ෂණ ධාවනයට පෙර සේවකයා, රොබෝවරයා ගේ සංවේදක මෙහෙයුම් පරීක්ෂා කරමින් සිටි බව බව තොරතුරැැ වලින් අනාවරණය වි ඇත.