Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක්
[2023-11-06 09:37:11] Views:[26]
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත්කර තිබේ. අමාත්‍යවරයා විසින් 7 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුව පත්කර ඇත.
එහි සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා කටයුතු කරයි. ඒ සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනයේ කටයුතු අත්හිටුවා ඇත.
එයට අදාළ ගැසට් නිවේදනය අද (06) දිනයේ නිකුත් කිරීමට නියමිත බව ද වාර්තා වේ. අද දින පත්කළ නව අතුරු කමිටුව ඉන් අනතුරුව අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.