Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
නේපාලයේ තවත් භූ කම්පනයක්
[2023-11-05 11:10:23] Views:[22]
නේපාලයේ තවත් භූ කම්පනයක් හටගෙන ඇත. අද (05) අලුයම කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර් 169ක් උතුරින් වූ ප්රදේශයක හටගත් එම භූ කම්පනය, රිච්ටර් මාපාංක ඒකක 3.6ක ප්රබලත්වයකින් සටහන් ව ඇති බව වාර්තා වෙි.
පසුගිය 03 වැනිදා රාත්රියේ බටහිර නේපාලයට බලපෑ ඒකක 6.4ක ප්රබල භූ කම්පනයකින් පුද්ගලයන් 157ක පමණ පිරිසක් ජීවිතක්ෂයට පත් වි ඇති අතර භූ කම්පනයෙන් කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිර වූවන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්රියාත්මක බව නේපාල බලධාරින් පවසයි..