Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
ක්‍රිකට් ආයතනය ඉදිරිපිට සත්‍යග්‍රහයක්
[2023-11-04 13:16:54] Views:[28]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව හමුවේ ලැබූ අන්ත පරාජයත් සමඟ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයන්ට සහ තේරීම් කමිටුවට දැඩි දෝෂාරෝපන එල්ල වි් ඇති අතර වත්මන් ක්‍රිකට් පරිපාලනයට විරෝධය පළ කරමින් පාර්ශ්ව කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වී තිබේ. එවන් පසුබිමක වත්මන් ක්‍රිකට් පරිපාලකයන් සහ තේරීම් කමිටුව වහාම සිය ධුරවලින් ඉල්ලා අස් විය යුතු බවට ක්‍රීඩා අමාත්‍යවරයා ද නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (03) ප්‍රකාශ කර තිබිණි.
මේ අතර, අද උදෑසන පාර්ශ්ව කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපස විරෝධතාවයක් ආරම්භ කරනු ලැබු අතර එම ස්ථානයට පැමිණි පොලීසිය විරෝධතාවේ නිරත වූවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරීශ්‍රයේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිස් කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබිණි.
මෙවන් පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් වශයෙන් කටයුතු කළ මොහාන් ද සිල්වා මහතා සිය අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට ලබා දීමට තීරණය කර තිබෙන බවටක් එම ස්ථානයට පැමිණි පොලීසිය විරෝධතාවේ නිරත වූවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය. ශ්‍රී ලංකාව මෙතෙක් චැම්පියන්ස් කුසලාන තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලබා නොමැති අතර, ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගැනීමට නම්, අනිවාර්යෙන් බංග්ලාදේශය සහ නවසීලන්තය සමඟ පැවැත්වෙන තරග දෙක ජයගත යුතුම වෙි.