Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
හදිසි තීරණයක්
[2023-11-01 15:07:20] Views:[36]
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ගිනිකෙළි සංදර්ශන තහනම් කිරීමට පියවර ගෙන තිබේ. මෙි අනුව දිල්ලි සහ මුම්බායි හි පැවැත්වෙන තරගවලදී ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම තහනම් කර ඇති අතර එම නගරවල වායු දූෂණය අවදානම් මට්ටමක් පැවතීම හේතුවෙන් එම පියවර ගෙන තිබේ.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ. ෂා විසින් මෙම සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශ කර ඇති බවත් ඉදිරි දිල්ලි සහ මුම්බායි කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ක්‍රිකට් තරග කිසිවක දී ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම තහනම් බව මේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටි.