Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
රජයේ අවස්ථා සීමා වන නව මහ බැංකු පනත
[2023-09-16 09:36:06] Views:[20]
නව මහ බැංකු පනත සම්මත වීම මඟින් මුදල් මුද්‍රණය කිරීම සඳහා ඉල්ලීම් කිරීමට රජයට ඇති අවස්ථා දැඩි ව සීමා කර ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කර තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ, මෙම පනත තුළින් මහ බැංකුව තවදුරටත් ස්වාධීන කිරීමට පියවර ගෙන ඇති බවයි.
"නව මහ බැංකු පනත ක්‍රියාත්මකයි. එහි විශේෂත්වය තියෙන්නේ, මහ බැංකුව තවදුරටත් ස්වාධීන වීම. මහ බැංකුවේ ජනතා පරමාධිපත්‍යයට තියෙන බැඳීම තවදුරටත් පුළුල් කරනවා. ඒකක් මුදල් මුද්‍රණය. බොහෝ පසු ගිය කාලවල කතාබහට ලක් වුණා. මේ ආර්ථිකමය ප්‍රශ්නවලට මුදල් මුද්‍රණය බල පෑ හැටි. නව මහ බැංකු පනත අනුව රජයට මුදල් මුද්‍රණය කරන්න කියලා මහ බැංකුවෙන් කළ හැකි ඉල්ලීම ඉතාමත් සීමිතයි. සුවිශේෂි ආරක්ෂක ප්‍රශ්නයක දී. දිගින් දිගටම රට වසා තැබීම. අකර්මණ්‍ය වන ආරක්ෂක ප්‍රශ්ණයක්. ලෝක සෞඛ්‍ය ප්‍රශ්නයක දී මුදල් මුද්‍රණය කිරීම සඳහා රජයට ඉල්ලන්න පුළුවන්. මුදල් මුද්‍රණය ඉතාමත්ම සීමා වෙනවා."
මෙම පනත තුළින් භාණ්ඩාගාර ලේකම්වරයා මහ බැංකුවේ පාලක මණ්ඩල සඳහා සහභාගී වීම ඉවත් කර ඇති බව ද රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.