Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
ක්‍රීඩා ඇමති පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ සමුළුවට එක්වෙයි
[2023-09-16 08:32:32] Views:[19]
ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එක්ව තිබේ.
පකිස්ථාන රජයේ ප්‍රධානත්වයෙන් 10 වන වරට පැවැත්වෙන මෙම සමුළුව සැප්තැම්බර් 11 වන දින සිට 15 වන දින දක්වා පැවැත්වෙයි.
පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුව තරුණ ප්‍රතිපත්ති සහ සංවර්ධනය, පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් තුළ පුළුල් සමාජ සහ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා දායක වෙයි.
තරුණ තරුණියන් අතර හැකියාවන් හා දක්ෂතාවන් වර්ධනය සහ යොවුන් සමාජ සංවර්ධනය සදහා ජාතික තරුණ සේවා සභාව සහ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් අතර යෝජිත විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම කාලීන අවශ්‍යතාවයක් බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.