Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
තවත් කාන්තා මළසිරුරක් කාමරයක් තුළ
[2023-09-15 09:29:53] Views:[20]
දොම්පේ පොලිස් වසමේ කඩ කාමරයක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ සිරුරක් හමුවී තිබේ.
ඊයේ (14) දහවල් කාලයේ ගිරිදර හන්දිය ප්‍රදේශයේ කඩ කාමරයක් තුළ කාන්තාවක් මියගොස් ඇති බවට දොම්පේ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මියගොස් ඇත්තේ අවුරුදු 30ක් පමණ වයසැති කාන්තාවක් වන අතර ඇයගේ අනන්‍යතාව මෙතෙක් තහවුරුවී නොමැත.
ගිරිදර හන්දිය ආසන්නයේ ඇති කඩ කාමරයක් කුළියට ගෙන තිබූ පුද්ගලයෙකු විසින් එම කඩ කාමරය මිතුරෙකුට හා එම මිතුරා සමග පැමිණි කාන්තාවකට පසුගිය 13 වනදා රාත්‍රී කාලයේ නවාතැන් ගැනීම සඳහා ලබාදී තිබේ.
පසුදින පරීක්ෂා කිරීමේදී නවාතැන් ගෙන සිටි කාන්තාව එම කඩ කාමරය තුළ මියගොස් සිට ඇති බව කඩ කාමරය කුලියට ගෙන තිබූ පුද්ගලයාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වු බව පොලීසිය පවසයි.
එමෙන්ම සිද්ධියෙන් පසු කාන්තාව සමග පැමිණි පුද්ගලයා අතුරුදන්වී තිබේ.
සිද්ධිය සම්බන්ධව දොම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර මෘතශරීරය ගම්පහ රෝහලේ තැන්පත් කර ඇත.