Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
විවාහයෙන් පසුව ශලනි සිය පෙම්වතා සමඟ
[2023-08-19 09:36:13] Views:[46]
පෙම්වතා කව්ද කියලා බොහෝ දෙනා හොයන්න ගත්තත් ඔහු එතරම් හැමෝටම හුරු පුරුදු ප්රසිද්ධ මුහුණක් නම් නෙමෙයි. කොහොම වුණත් ඇය ෆේස්බුක් සටහනක් තබමින් පෙම්වතාගේ වාසගම සදහන් කරලා තිබෙනවා.
ඒ වගේම ඔවුන් දෙදෙනා එකට සිප ගන්නා ජායාරූපයක් ද එක්කර තිබෙනවා. එම සටහන පළවී පැය තුනක් ගත වන විට ලයික් 37000 ක් පමණ ඉක්මවා තිබීම විශේෂත්වයක්. එම සටහන පහතින්.ඒ වගේ ඇය අද පෙම්වතා සමග එළිදැක්වූ ගීතය ද පහතින් නරඹන්න. විඩියෝ දර්ශන - Shalani Tharaka YouTube Channel
එමෙන්ම මීට පෙර දිනක ඇය පෙම්වතා ගැන මෙහෙම සටහනක් දක්වා තිබුණා. ආදරෙන් දුක් විදපු හැම කෙල්ලෙකුටම හම්බවෙන්න ඕනි ඔයා වගේ කොල්ලෙක්..
අඩන්න හේතු දාහක් තියෙද්දි හිනා වෙන්න එක හේතුවක් දිලා හිත සනසන ඔයා වගේ පිරිමියෙක්.. තරහ ගන්න දේවල් ඇස්දෙකට පෙනෙද්දි ඉවසන්න උගන්නපු භාවනාවක් වගේ කොල්ලෙක්..
අත නොතියපු නාමල් හැමෝම හොයද්දි කටුපිරිනු රෝසමලකට වටිනාකමක් දෙන හිතහයිය පිරිමියෙක්.. මිනිස්සු දාහක් ගල් ගහද්දි නොසෙලවී රැකගත්ත ඔයා වගේ පිරිමියෙක්..
අවුරුදු තුනක් පුරාවටම හැමදාම මට හිනාවෙලා ඉන්න හේතු දුන්නට, ඇත්ත ආදරේ මොකක්ද කියලා ඉගැන්නුවට, ඒ විස්වාසයට,ඉවසීමට ,කවදාවත් ඇහැට කදුලක් නොදුන්නට ස්තූතියි මැණික.
ඇත්තමයි ආදරෙන් අසීමාන්විතව දුක් විදපු හැම ගැහැනියකටම අවසානයේ හරි සැනසෙන්න හමුවෙන්න ඕනි ඔයා වගේ පිරිමියෙක්. අපි අපේම වෙන්න තව ටික දවසයි. ඔයාව මට හම්බ වුනාට හැමදාම මං දෙවියන්ට ස්තූති කරනවා.