Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
අවු 35ත් 45ත් අතර කාන්තාවන් අවධානමේ
[2023-08-17 15:21:03] Views:[45]
තම සෞඛ්‍ය බලප්‍රදේශයේ පැවැත්වෙන සුවනාරී සායනවලට අවුරුදු 35ත් 45ත් අතර සියලුම කාන්තාවන් ගැබ්ගෙල සහ පියයුරු පිළිකාවන් හඳුනාගැනීම සඳහා යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරයි.
ඊයේ (16)කාන්තාවන්ට වැළඳෙන පිළිකා සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳ කරුණු පැහැදිලි කෙරුණි. "කාන්තාවන් අතර බහුලවම දැකිය හැකි පිළිකා තමයි ගැබ්ගෙල සහ පියයුරු පිළිකා, ආහාර මාර්ගයේ පිළිකා. කාන්තාවක් ලිංගිකව සක්‍රීය නම් වයස අවුරුදු 35ත් 45ත් අතර වෙනවා නම් සුවනාරී සායනවලට සහභාගී වෙන්න.
"ඔසප්වීම අවසන්වී 07 වන හෝ 10 වන දවසේ වගේ සියලුම කාන්තාවන්ට පියයුරු ස්වයං පරීක්ෂාවක් සිදුකර ගන්න පුළුවන්. අදටත් අපි දකිනවා පිළිකා දෙවන හෝ තුන්වන මට්ටමේදී හඳුනගෙන අතිශය බරපතළ තත්ත්වයට පත්වෙන අවස්ථා.
වර්ථමානයේදීත් කාන්තාවන් මේ පිළිබඳව සැලකිලිමත් මදි. අපි ඔබට ආරාධනා කරන්නේ ගම් මට්ටමේ ඔබේ සායනයට යන්න. එහි සියලු පහසුකම් තියෙනවා. ඔබගේ පෞද්ගලිකත්වයට සහ රහස්‍ය භාවයට කිසිඳු හානියක් සිදුවෙන්නේ නැහැ."