Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
මෙරටින් ඇසෙන සංවේදී පුවතක්
[2023-08-16 20:53:13] Views:[45]
. රත්නපුර හුණුවල මොරතොට ප්‍රදේශයෙන්, ඖෂධයක් ආසාදනයවීම හේතුවෙන් 11 හැවිරිදි දැරියකගේ පෙනීම දුර්වලවී ඇති බව කියන පුවතක් වාර්තා විය. රත්නපුර හුණුවල මොරතොට ප්‍රදේශයේ පදිංචි හුණුව්ල ධර්මරාජ විද්‍යාලයේ 05 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන නිමන්සා සත්සරනි මෙම සිද්ධියට මුහුණ දී තිබේ.
එනම් මැය පාසලේ ශිෂ්‍ය නායිකාවක් ද වන අතර ඉගෙනීමටද දක්ෂ දරුවෙකි. නිමන්සා උණ රෝගයක් වැළඳීම හේතුවෙන් එම ප්‍රදේශයේ පුද්ගලික බෙහෙත් ශාලාවකට ගොස් ඖෂධ ලබාගෙන තිබුණි. මව්පියන් පවසන්නේ, එම ඖෂධ භාවිතයට ගැනීමෙන් පසු ශරීරය පුරා තුවාල හට ගෙන ඇති බවයි. පසුව අදාළ රෝගය සඳහා ඖෂධ ලබාගත් වෛද්‍යවරයා වෙත දැරියව යළිත් රැගෙන ගොස් තිබේ.
ඉන්පසු වෛද්‍යවරයා පවසා ඇත්තේ නිමන්සා සරම්ප රෝගයට ගොදුරුවී ඇති බවය. කෙසේවෙතත් එම රෝගයෙන් සුවයක් නොලැබූ නිසා දියණිය රත්නපුර රෝහලට රැගෙන යෑමට මව්පියන් කටයුතු කර තිබේ. රත්නපුර රෝහලට රැගෙන ගිය පසු දැරියව රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරුකර යවා ප්‍රතිකාර ලබාදී ඇත. නිමන්සා රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් සාමාන්‍ය සුව ලබා මාසයකට පසු නැවත රත්නපුරයට පැමිණ තිබුණි.
කෙසේවෙතත් දැරියගේ මව්පියන් චෝදනා කරන්නේ සිය දියණියට 2023 අප්‍රේල් 06 වනදා සිට ඇයගේ දෙනෙත්වල පෙනීම දුර්වල වූ බවය. ශරීරය පුරාම තුවාල සලකුණු ද දැකගන්නට ඇති බවත් ඔවුන් පවසයි.