Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
එක්දින ලෝක කුසලානයේ තරඟ 9ක වෙකස් වීමක්
[2023-08-10 11:05:07] Views:[48]
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ 09 ක් හදිසියේ සංශෝධනය කර තිබේ.
ඒ, ඉන්දියාවේ ඉල්ලීම මතය.
සංශෝධනය වූ තරඟ අතරට ශ්‍රී ලංකා පාකිස්තාන තරඟයද ඇතුලත් වේ.
එමෙන්ම ඉන්දු – පාකිස්තාන තරඟයේ දිනය ද වෙනස්වී තිබේ.
ආගමික උත්සහ සහ ආරක්ෂක හේතුන් මත ඉන්දු පාකිස්තාන තරඟය වෙනස් කිරීමට ඉන්දිය ක්‍රිකට් පාළක මණ්ඩලය පළමුව තීරණය කළේය.
එම දින වෙනස්වීම මත පාකිස්තානයට සෙසු කණ්ඩායම් සමඟ තරඟ පැවැත්වෙන දින වෙනස්වීම පදනම් කරගනිමින් ඔවුන්ද ඉල්ලා සිටියේ සිය තරඟ වෙනස්කර දෙන ලෙසය.
ඒ අනුව තරඟ 09 ක් වෙනස් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සිදුවී ඇත.
නව සංශෝධනයට අනුව මීට පෙර ඔක්තෝම්බර් 15 වනදා පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දු පාකිස්තාන තරඟය දැන් පැවැත්වෙන්නේ ඔක්තෝම්බර් 14 වනදාය.
ශ්‍රී ලංකා පාකිස්තාන තරඟය ඔක්තෝම්බර් 10 වනදා පැවැත්වීමට නියමිතය.
මීට පෙර එම තරඟය පැවැත්වීමට නියමිතව තිබුණේ ඔක්තෝම්බර් 12 වනදාය.
ඉන්දීය අවශ්‍යතාවය මත මෙලෙස එක්දින ලෝක කුසලානයේ දින වෙනස් වන්නේ ලෝක කුසලානයේ ආරම්භයට මාසයකුත් දින 25 ක් පමණක් ඉතිරිව තිබියදීය.