Home
All News
Sports
Business
Politics
Entertainment
Technology & Science
දැල් පන්දු ලෝක කුසලානය අද ඇරඹෙයි
[2023-07-28 16:01:47] Views:[79]
ලෝක කුසලාන කාන්තා දැල් පන්දු තරගාවලිය අද(28) ආරම්භ වීමට නියමිතයි. දකුණු අප්රිකාවේදී පැවැත්වෙන තරගාවලියේ සමාරම්භක උත්සවය මෙරට වේලාවෙන් අද රාත්රී 07.30ට ආරම්භ වීමට නියමිත බව වාර්තා වෙයි.
කණ්ඩායම් 16ක් තරග වදින ලෝක කුසලාන කාන්තා දැල් පන්දු තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය ජැමෙයිකානු කණ්ඩායම සමග අද රාත්රී 09.30ට පැවැත්වීමට නියමිත ව ඇත.
කාණ්ඩ 04ක් යටතේ පැවැත්වෙන තරගාවලියේ සී කාණ්ඩය යටතේ ශ්රී ලංකාව තරග වදිනු ඇත.
ලෝක කුසලාන කාන්තා දැල් පන්දු තරගාවලිය අගෝස්තු මස 06 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.